04 July 2025

logo

සැල්වදෝරයේ හිටපු ජනාධිපතිට වසර 14ක සිර දඬුවමක්



එල් සැල්වදෝරයේ අධිකරණයක් විසින් එරට හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ, ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වීම සහ රාජකාරිය පැහැර හැරීම යන චෝදනාවලට වරදකරු කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් ඔහුගේ හිටපු අධිකරණ සහ ආරක්ෂක අමාත්‍යවරයාට ද වසර 18ක සිර දඬුවම් නියම වී ඇති බවයි.

2009 වසරේ සිට 2014 වසර දක්වා ජනපති ධුරයේ කටයුතු කළ ෆූනේස් මැතිවරණ වාසි වෙනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සම්බන්ධතා පැවැත් වූ බව අනාවරණය වී තිබුණා.

කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිකරගුවාවේ පදිංචි ව සිටින අතර 2019 වසරේදී ඔහුට එරට පුරවැසිභාවය හිමි වුණා.

මීට වසරකට පමණ පෙර එල් සැල්වදෝරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර මේ හරහා අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස සැක කෙරෙන පුද්ගලයින් 68,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)