14 May 2025


වසරේ අවම සංචාරක ආදායම මැයි මාසයේදී



සංචාරක කර්මාන්තය තුළින් ශ්‍රී ලංකාව මේ වසරේ මේ දක්වා ඉපයූ අවම ආදායම මැයි මාසයේදී වාර්තා වී තිබෙනවා. 

ඒ අනුව මැයි මාසයේදී ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය 83,309 ක් වූ අතර එයින් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 131.5ක් බව සඳහන්. 
 
අප්‍රේල් මාසයේදී සංචාරක කර්මාන්තයේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 166.5 ක් වූ අතර මාර්තු මාසයේ දී එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 198.1 ක් ලෙස දැක්වුණා.
(colombotimes.lk)