මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන සහ කප්පම් ගැනීමට උත්සාහ කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසූවේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද තිබුණු බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)