01 July 2025

logo

තීක්ෂණ T20 ශ්‍රේණිගත කිරීම්වල පහළට



නවතම ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (20) නිවේදනය කළා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල 2වන ස්ථානය තවදුරටත් රැක ගැනීමට වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ එහි 5වන ස්ථානයට පත්ව තිබෙන්නේ එක් ස්ථානයක් පසු බැසීමත් සමඟයි.

ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තවදුරටත් හිමි කරගැනීමට එංගලන්තයේ Adil Rashid සමත් වී තිබෙනවා.



(colombotimes.lk)