පාර්ලිමේන්තුව හෙට (17) රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වීම හෙට (17) සහ අනිද්දා (18) යන දින දෙක සඳහා සීමා වන බවයි.
මෙහිදී දැනට පුරප්පාඩුව පවතින කථානායක ධූරය සඳහා නව කථානායකවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.
කථානායකවරයා ලෙස කටයුතු අශෝක රන්වලගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගැනීමත් සමඟ මේ වන විට 10 වන පාර්ලිමේන්තුවේ කථානායක ධූරයේ පුරප්පාඩුව පවතිනවා.
(colombotimes.lk)