16 December 2024


මී උණ වැළඳීමෙන් මිය ගිය පුද්ගලයන් ගණන ඉහළට



මී උණ වැළඳීමෙන් යාපනයේ මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ මේ වන විට පුද්ගලයන් 39 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඉන් රෝගීන් 28 දෙනෙක් පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සෙසු රෝගීන් 11දෙනා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

පේදුරුතුඩුව, චාවකච්චේරී සහ කරවෙඩ්ඩි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් මී උණ රෝගීන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් 12,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබෙන බවයි වාර්තා වන්නේ.

දෙසැම්බර් මාසයේ මුල් දින 15 තුළ පමණක් මී උණ රෝගීන් 85 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ සමස්ත මරණ 200ක් පමණ සිදු වී තිබෙන බවයි.

(colombotimes.lk)