බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙක්ගේ වැඩ තහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන කිරීමට සැලසුම්කර තිබූ රජරට රැජිණ දුම්රියේ එංජිම මාරු කිරීමේදී එය වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී ඊයේ (15) පෙරවරුවේ අනතුරක් සිදු වුණා.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එහි සේවකයන් තිදෙනෙක්ගේ වැඩ තහනමට ලක් කර ඇති බවයි.
එමෙන්ම අදාළ දුම්රියන් වෙනුවට විකල්ප දුම්රියන් යෙදවීමටද අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)