13 December 2025

logo

නුවරඑළියේ උද්ඝෝෂණයක්



කම්කරු අයිතිවාසිකම් ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් අද (21) නුවරඑළිය මහ නගර සභා පුරහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ ක්‍රියාකාරි රාජ්‍ය නොවන සංවිධානයක්, සිවිල් ක්‍රියාකාරකයන් සහ වතු වෘත්තීය සමිති කිහිපයක් එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

උද්ඝෝෂණකරුවන් සඳහන් කළේ රටේ ආර්‌ථිකයට වතු ප්‍රජාවගෙන් විශාල දායකත්වයක් ලැබුණද එම ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් ලබ දීමට මෙතෙක් කිසිවෙක් කටයුතු කර නොමැති බවයි.
 
(colombotimes.lk)