21 May 2025


අගමැතිනියගෙන් අනාවරණයක්



ශික්ෂණලාභි ගුරු පත්වීම් ලබාදීමේදී ගැටලු ඇති වී තිබෙන්නේ පවතින ක්‍රමවේදයේ අඩුපාඩු හේතුවෙන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තුවේදී විපක්ෂය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ එම ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී තිබෙන ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බවයි. 

 
(colombotimes.lk)