මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ එම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පසුගිය 6වනදා පැවැත්වුණා.
(colombotimes.lk)