colombotimes.lk
සිංහල | English

05 May 2024

ගවයින් අතර ව්‍යාප්ත වන සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි



ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට ද ව්‍යාප්ත වී තිබෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. 

එමෙන්ම වයඹ පළාතේ ගවයින් අතර තවදුරටත් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවයි එහි අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ. 
 
මෙය වසංගත තත්වයක් නොවන බව ද ඇය ප්‍රකාශ කළා.
(colombotimes.lk)