02 June 2025


තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි



දිවයින පුරා ඇදහැළෙන වර්ෂාපතනය හේතුවෙන් තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු ගෙන තිබෙනවා.

ඒ අනුව එම ජලාශයේ වාන් දොරටු 2ක් අඟල් 6 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එමඟින් තත්ත්පරයට ඝන අඩි 240ක් වාන් දමන බවයි.

(colombotimes.lk)