25 June 2025

logo

Travel Times | දියළුම දිය ඇලි ලලනාව



ලංකාවේ තුන් වෙනියට උසම ඇල්ල විදියට හදුන්වන්නේ දියළුම දිය ඇල්ල. දියළුම දිය ඇල්ලේ උස 171m වෙනවා. ඒ වගේම තමයි ලෝකයේම දිය ඇලි අතර 361 වෙනි ස්ථානයට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ දියළුම දිය ඇල්ල. ඉතින් දෙස් විදෙස් සංචරකයිනේ නොමද ආකර්ෂණයට ලක්වුණ තැනක් විදියට අපිට දියළුම ඇල්ල හදුන්වන්න පුළුවන්. 

 
Diyaluma Falls | Attractions in Sri lanka
 
දියළුම දිය ඇල්ලට යන්නේ කොහොමද ? 
 
මේ දියළුම ඇල්ල පිහිටලා තියෙන්නේ කොළඹ බදුල්ල මහා මාර්ගයේ යනකොට හම්බවෙන කොස්ලන්ද කියන ගමේ. කොළඹ ඉදන් දියළුම ඇල්ලට 314km දුරක් යන්න ඕනේ. ඔයා බස් එකේ දියළුම ඇල්ල බලන්න යනවා නම් ලේසිම පාර තමයි කොළඹ, රත්නපුර, මඩකලපුව මාර්ගය. ඒත් එහෙම කිව්වට ගොඩක් අය දන්නේ නෑනේ. 
 
ඔයාට කරන්න තියෙන්නේ කොළඹ බදුල්ල පාරේ ඇවිත් බෙරගලින් බස් එකෙන් බහින්න. ඊළගට බෙරගල ඉදලා වැල්ලවායට පැත්තට 24km ක් ගියාම දියළුම ඇල්ල බලාගන්න පුළුවන්. 
 
දියළුම ඇල්ල බලන්න ඔයාට බස් එකේ විතරක් නෙමෙයි Train එකෙත් යන්න පුළුවන්. Train එකේ බදුල්ලට යනවා කියන්නේ ඇත්තටම ගොඩක් සුන්දර අත්දැකීමක්. ඉතින් ඒ ලස්සන අත්දැකීම විදගන්න ඔයාට කරන්න තියෙන්නේ කොළඹ කොටුවෙන් බදුල්ල Train එකට නැගලා හපුතලෙන් බහින්න. එතන ඉදන් Taxi එකක් අරගෙන ඔයාට දියළුම ඇල්ල බලන්න යන්න පුළුවන්. 
 
Diyaluma Waterfall In Sri Lanka: Second Tallest Waterfall
 
දියළුම ඇල්ලේ සුන්දරත්වය 
 
සාමාන්‍යයෙන් තෙත් සහිත කාලගුණයක් තමයි බදුල්ලේ තියෙන්නේ. ඉතින් දියළුම දිය ඇල්ලේ සුන්දරත්වය විදගන්න, ඇල්ලෙන් නාන්න වගේම දියළුම ඇල්ල අවට ඇති කදු ගැට නගින්නත් ඔයාට පුළුවන්. ඒ වගේම තමා ගල් තලාව මුදුනේ කුඩාරම් බැදගෙන ලස්සන රාත්‍රියක් ගත කරන්න කියාපු තැනක් තමයි දියළුම දිය ඇල්ල කියන්නේ. 
 
දියළුම ඇල්ලේ තියෙන ලස්සන වගේම වැදගත් කම නිසා සංචාරකයින් අනිවාර්යෙන් මේ තැනට එනවා. ඒ වගේම තමයි ඒ එන හැමෝම එක දවසක් හරි මේ තැන කූඩාරමක් හදාගෙන ලස්සන රාත්‍රියක් ගතකරන්න අමතක කරන්නේ නෑ. ඒ, දියළුම ඇල්ලේ සහ අවට පරිසරයේ තියෙන නිස්කලංක බව නිසයි. 
 
Diyaluma Falls: Instructions to hike to the top without a guide — Walk My  World
 
කෑමබීම 
 
ඔයාට ඕන කරන කෑම බීම අරගෙන තමයි දියළුම දියඇල්ල බලන්න එන්න ඕනේ. ඔයා ගල් තලාව මුදුනේ Camping Night එකක් ගත කරන්න හිතාගෙන ඉන්නවනම් කුඩාරම් හදන්න අවශ්‍ය කරන දේවල් ගමදේම අරගෙන්න එන්න ඕනේ. එතකොට දියළුම දියඇල්ල අවට තියෙන නිස්කලංක පරිසරයට පොඩි හෝ හානියක්වත් කරන්න ඕනේ වෙන්නේ නැනේ. 
 
Diyaluma Waterfall In Sri Lanka: Second Tallest Waterfall
 
Special Notice 
 
මෙතන පැය 24ම දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා අපිට අවුරුද්දේ ඕනම දවසක ඕනම වෙලාවක අපිට දියළුම ඇල්ලේ සුන්දරත්වය විදගන්න යන්න පුළුවන්. ඒ වගේම තමා Camping කරන්න ඔයාලා අරගෙන ආව දේවල් ඔක්කොම නැවත අරගෙන යන්න අමතක කරන්නත් එපා. ඉතින් අපිට හම්බෙලා තියෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන අනාගත පරපුරටත් ලංකාවේ සුන්දරත්වය දැක බලාගන්න සලසන එක තමයි අපේ වගකීම. 
 
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)