colombotimes.lk
සිංහල | English

28 March 2024

මාළු නොමරා මාළු කන්නේ මෙහෙමයි (VIDEO)



අනාගතයේ අපි ගන්න ආහාර ගැන ඔබට මොනවද හිතෙන්නේ ? අපි අද ගන්න ආහාරයම එදාට ගන්න පුළුවන් වෙයිද ?

ඒ ගැන ඔබට කිසිම අදහසක් නැති වෙන්න පුළුවන් වුනත් මේ වන විට විවිධ ඉඟි නම් ලැබෙමින් පවතිනවා.

එහි එක් පියවරක් විදියට විද්‍යාඥයින් පිරිසක් පරීක්ෂණාගාරයක් තුළ මත්ස්‍යයන් වගා කිරීමක් සිදුකර තිබුණා.

Singapore-based Umami Meats extracted cells from a grouper before growing them into fat

එසේ නිෂ්පාදනය කරන ලද මත්ස්‍යයා පිගානකට දමා ඔවුන් එය පිස ගැනීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම මත්ස්‍යයාගේ විශේෂත්වය වන්නේ මෙය අනුභව කරන අවස්ථාවේදී මාංශ මුඛය තුලම දියවී යාමයි.



ඒ අනුව විද්‍යාඥයින් පවසන්නේ, අනාගතයේ මත්ස්‍ය ආහාර සපයා ගැනීමේදී, ඔවුන්ගේ ගහනය මත පදනම් නොවී එය සිදුකළ හැකි බවයි.

එමෙන්ම මෙම මත්ස්‍ය ආහාරය තවත් මාස කිහිපයකින් ඊශ්‍රායලය පදනම් කරගත් ස්ටේක්හෝල්ඩර් ෆුඩ්ස් සමගම හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

Scientists customised bio-inks - materials used in 3D printing to produce artificial tissue - to produce their fish product. These are mostly made up of cells (pictured)


(Vimarshana Samarakoon @ COLOMBO TIMES)