25 December 2024


ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම් දෙයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ, සෙන්දිල් තොණ්ඩමාන් මහතායි.

එමෙන්ම ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු ව තිබුණා.
(colombotimes.lk)