පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තුන් දෙනෙකු එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එරට ඇතිවු විරෝධතා හේතුවෙන් අත්හිටවු අන්තර්ජාල සේවා ද මෙතෙක් යථා තත්ත්වයට පත්කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම තවදුරටත් ජනතාව වීදිවල විරෝධතා සිදුකරමින් සිටින බව එම වාර්තා වල දැක්වෙනවා.
(colombotimes.lk)