20 December 2024


කෝටි පහකට අධික ජංගම දුරකථන තොගයක් සමඟ 03ක් කොටුවෙයි



ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ නීති විරෝධී ලෙස රැගෙන ආ ගුවන් මගීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපොළේදීයි.

ගුවන්තොටුපොළ රේගුව විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයේ වටිනාකම කෝටි 05කට අධික බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)