13 April 2025


හෙටත් ගිගුරුම් සහිත වැසි



මධ්‍යම, සබරගමුව ඌව පළාත්වලත් සහ අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක හෙට (13) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර, වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.
 

(colombotimes.lk)