colombotimes.lk
සිංහල | English

01 May 2024

පාකිස්ථාන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා Titanic බලන්න ගිය ඇත්තම හේතුව



Titanic නෞකාවේ සුන්බුන් සොයා සංචාරයක නිරත වුණු Titan Submersible යානය පසුගියදා අතුරුදහන් වී තිබුණා. 

ඊයේ (22) දිනයේදී මෙම යානයේ කොටස් සොයාගැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. 
 
මේවනවිට ලොව බොහෝදෙනා මෙම යානයේ සිටි සංචාරකයින් 5 දෙනා සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන්නට උනන්දු වී තිබෙනවා. 
 
මෙම සංචාරය සඳහා පාකිස්ථාන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන Shahzada Dawood සහ ඔහුගේ පුත් Suleman Dawood ද එක්වී තිබුණා. 
 
One of Pakistan
 
අවුරුදු 48ක් වයසැති Shahzada Dawood පකිස්ථානයේ ප්‍රධාන පෙළේ පොහොර නිෂ්පාදන සමාගමක හිමිකරුවෙක්. 
 
බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජු විසින් පවත්වාගෙන යන සමාජ සුබසාධක ආයතන 2ක් වන British Asian Trust සහ Prince's Trust Inte ational සමග සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට සඳහන්. 
 
Shahzada Dawood ගේ පවුලේ පිරිස සඳහන් කරන පරිදි ඔහු මෙවැනි ක්‍රියාවලට උනන්දුවක් දක්වා තිබෙනවා.
 
Prince
 
ඔහුගේ පුත් Suleman Dawood ගේ වයස අවුරුදු 19ක් වන අතර Glasgow හි විශ්වවිද්‍යාලයක පළමු වසරේ ශිෂ්‍යයෙක් බව ද සදහන්. 
 
මෙම සිදුවීමෙන් පසුව Dawood පවුලේ සමීපතමයෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ Suleman මෙම සංචාරය සඳහා කැමැත්තක් දක්වා නොතිබූ බවත් Shahzadaගේ සතුට වෙනුවෙන් මෙම සංචාරය සඳහා එක්වී තිබුණු බවයි.
 
(Tharusha Nuwandika @ COLOMBO TIMES) 
 
A Father and Son Are Aboard the Missing Submersible - The New York Times