colombotimes.lk
සිංහල | English

02 May 2024

Titan ගැන Titanic චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා අදහස් දක්වයි (VIDEO)



Titanic නෞකාවේ සුන්බුන් අතරට 33 වතාවක් කිමිදිලා තිබුණු පුද්ගලයෙක් තමයි Titanic චිත්‍රපටයේ අධ්‍යක්ෂ James Cameron කියන්නේ. 

ඔහු විසින් Titan සබ්මැරීනයේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව සිය අදහස් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණා. 
 
James Cameron
 
ඒ අනුව ඔහු පසුගිය ඉරිදා දිනයේ සබ්මැරීනය අතුරුදන් වන අවස්ථාවේ වෙනත් නෞකාවක චාරිකාවක නිරත වෙමින් සිට තිබෙනවා. 
 
සබ්මැරීනයේ සිදුවීම පිළිබඳ ආරංචි වූ පසුව ඔහු විසින් ඒ පිළිබඳව සොයා බලා ඇති බවයි වාර්තා වන්නේ. 
 
James Cameron on Titan submersible deaths:
 
එහිදී සබ්මැරීනය සහ නෞකාව අතර සන්නිවේදන බිඳ වැටී තිබූ බව දැනගත් වහාම යම්කිසි විනාශකාරී දෙයක් සිදුවන්නට ඇති බව තමා සිතූ බවත් ජේම්ස් පවසා තිබුණා. 
 
එමෙන්ම කැමරන් තවදුරටත් පවසා සිටියේ බොහෝ දෙනෙක් සාගරය තුළින් ලැබුණු ශබ්ද, ඔක්සිජන් අවසන් වීම පිළිබඳව විවිධ මත පලකළ බවයි. 
 
නමුත් එම මත පිළිබඳව කතා කරමින් සිටීම බියකරු විහිළුවක් ලෙස තමා දුටු බව ඔහු සඳහන් කළා. 
 
James Cameron says Titanic sub wa ings
 
සබ්මැරීනය කොතන නැවතී ඇතිද යන්න පිළිබඳව තමා අනුමානයක පසුවූ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. 
 
තවද තමා අනුමානය කළ ආකාරයට අවසානයේ එම අනුමාන කළ ස්ථානයෙන්ම සබ්මැරීනයේ සොයා ගත් බවත් කැමරන් පවසා තිබුණා. 
 
ඒ අනුව ඔවුන් සියලුදෙනා සම්බන්ධයෙන් කණගාටු වන බව ඔහු ABC පුවත් සේවය සමඟ ප්‍රකාශ කළා.
 
BuzzFeed on Twitter: "On Thursday, the Titanic director appeared on a live  ABC News broadcast to address the Titan submersible "tragedy."  https://t.co/JweOS0CcIL" / Twitter
 
මීට අමතරව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, Titanic නෞකාවට අත්වූ ඉරණමට සමාන ඉරණමක් Titan සබ්මැරීනයට ද අත්වූ බවයි. 
 
එනම් යානය තවමත් පරීක්ෂණ මට්ටමේ පසුවීම හේතුවෙන් මගීන් රැගෙන යාම සිදු නොකරන බවට OceanGate ආයතනයට ලිපි ලැබී ඇති බව ඔහු සඳහන් කළා.
 
මෙලෙසම Titanic නෞකාවට ඉදිරියෙන් ඇති අයිස් කුට්ටි පිළිබඳව අනතුරු සංඥා නිකුත් කළ නමුත් කපිතාන්වරයා එය නොතකා වේගයෙන් නෞකාව පදවා තිබුණා. 
 
Titanic wreck hit by submarine but US
 
මෙම අනතුරු දෙකෙන්ම සිදුවුයේ එහි ගමන්කළ පිරිස මියයාම බව ඔහු සඳහන් කළා. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම සිදුවීම් දෙකම පුදුම සහගත ඛේදවාචක දෙකක් බවයි.
 
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)