15 December 2025

logo

ජීවිතය සාර්ථක කරගන්න උදේ 8ට කලින් මේ දේවල් කරන්න | Colombo Times BLOG



ඔයා ගොඩක් උදෙන්ම නැගිටින කෙනෙක්ද? නැත්නම් අමාරුවෙන්, කම්මැලිකමෙන් පරක්කු වෙලා දඩි බිඩි ගාලා නැගිටින කෙනෙක්ද? ඔව් අපි හැමෝටම තියෙන්නේ එකම විදිහේ Life style එකක් නෙමෙයි. හැබැයි ඔයා ඒ මොන විදිහේ කෙනෙක් වුණත් අද ඉඳන් ඔයා වෙනස් වෙන්න. මොකද ඔයා දවස පටන් ගන්න විදිහ අනුව තමයි ඔයාගේ දවස හොඳ වෙනවද, නරක වෙනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් අද අපි බලමු මේ ලෝකේ සාර්ථක වුණ මිනිස්සු උදේ 8ට කලින් කරපු දේවල් මොනවද කියලා.

උදෙන්ම අවදි වෙනවා 



ගොඩක් සාර්ථක පුද්ගලයන් උදෙන්ම අවදි වෙනවා. ඒකෙන් පුළුවන් වෙනවා වේලාසනින් දවස පටන් ගන්න. මොකද අවධානය වෙන පැත්තකට යන්නේ නැතුව මනස නිරවුල් විදිහට තියාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ වෙලාවේ Self Care වගේම Plan කරගන්න දේවල් කරගන්නත් පුළුවන් වෙනවා.

මනස සංසුන් කරගන්න 



ගොඩක් අය උදේම නැගිට්ට ගමන් කරන්නේ Social Media වල යන එක. හැබැයි සාර්ථක පුද්ගලයන් කරන්නේ ඒක නෙමෙයි. ඒ වෙලාවේ Jou al කරනවා, එහෙම නැත්නම් භාවනා කරනවා. මේ විදිහට කරන එකෙන් මනස නිරවුල් වෙනවා, මානසික ආතතිය නැති වෙනවා සහ හොඳ මානසිකත්වයකින් දවස ගත කරන්න පුළුවන් වෙනවා. 

ව්‍යායාම කිරීම 



උදෑසන ව්‍යායාම කරන එකෙන් සහ ඇවිදින එකෙන් සිරුරේ ශක්තිය වර්ධනය කරනවා. ඒ වගේම මනස නිරවුල් කරනවා. ඒ නිසා දවසට විනාඩි 20ක්වත් ව්‍යායාම කරන්න පුරුදු වෙන්න. මුල් දවස ටිකේ නම් අමාරු වෙයි. හැබැයි ටික දවසක් කරගෙන යනකොට සැහැල්ලුවක් වගේම දවස පුරාම ලොකු ශක්තියකින් වැඩ කරන්න පුළුවන් වෙනවා.


සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක් ගන්න





ශරීරයේ බර වැඩි වෙයි කියලා ගොඩක් අය කරන දෙයක් තමයි උදේ කෑම නොගෙන ඉන්න එක. හැබැයි එහෙම කරන එකෙන් දවස පුරාම කිසිම ශක්තියක් නැතුව තමයි වැඩ කරන්න වෙන්නේ. ඒ නිසා ඔයාට පුළුවන් උදේට ඕට්ස්, පළතුරු, එළවළු, බිත්තර, ස්මූති වගේ දේවල් ගන්න. සීනි, පිටි වගේ දේවල් ගන්න එක නම් කරන්න එපා.

 
Priority List එකක් හදන්න 



උදේ කියන්නේ ඔයාගේ දවසේ Priority දෙන්න ඕනේ වැඩ මොනවද කියලා Plan කරගන්න හොඳම වෙලාව. ඔයාට පුළුවන් ඒ වෙලාවේ ඔයා Priority දෙන වැඩ 3ක් ලියලා තියාගන්න. මොකද ඒකෙන් ඔයා දන්නවා අද ඔයාට මේ වැඩ 3ත් Priority list එකේ තියෙනවා කියලා. ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් විනාඩි 10ක් වැය කරන්න.


තාක්ෂණය සීමා කරන්න



ඔයා උදෙන්ම නැගිට්ටා කියමුකෝ. හැබැයි එහෙම නැගිටලා ඔයා කරන්නේ Social Media වල උඩ පහළ යන එක නම් උදෙන්ම නැගිටින එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා උදෙන්ම නැගිටලා Social Media වල යන්නේ නැතුව ඒ පැය Phone එක Lap එක පාවිච්චි කරන්නේ නැතුව ඉන්න. ඒකෙන් ඔයාගේ මනසට සහනයක් ලැබෙනවා. නැත්නම් වෙන්නේ Social Media වල තියෙන දේවල්, Messages බලලා උදෙන්ම ඔලුවට සමනල් ගැට වැටෙන එක. 

 
අලුත් දෙයක් ඉගෙන ගන්න හෝ කියවන්න



සිරුරට අවශ්‍ය ශක්තිය ලබාගන්න කෑම ගන්නවා වගේම මනසට අවශ්‍ය පෝෂණය ලබාගන්න පොත් කියවන්න. එහෙමත් නැත්නම් අලුත් දෙයක් ඉගෙනගන්න. දැන් ගොඩක් ජනප්‍රියයිනේ Podcast. ඉතින් ඔයාට පුළුවන් උදේට නැගිට්ට ගමන් Podcast එකකට සවන් දෙන්න. එකෙන් ඔයාගේ නිර්මාණශීලිත්වයත් වැඩි කරගන්න පුළුවන්.


ඉතින් ඔයාටත් සාර්ථක වෙන්න ඕනේ නම් උදේ 8ට කලින් මේ දේවල් කරලා බලන්න. මුල් දවස්වල අමාරු වුණත් පුරුදු වුණාට පස්සේ නතර කරගන්න බැරි වෙයි. එහෙනම් ජීවිතය දිනන්න මහන්සි වෙන ඔයාට ජය වේවා!




(colombotimes.lk)