මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අද (25) දෙවන දිනටත් අවස්ථාව හිමි වනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අනුව අප්‍රේල් 28 සහ 29 යන දෙදින ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.
එමෙන්ම රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා.
මැතිවරණ කොමිසම සඳහන් කළේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙක් සුදුසුකම් ලබා සිටින බවයි.
කෙසේවෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය යළි දීර්ඝ නොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.
(colombotimes.lk)