02 June 2025


මුළු ශ්‍රී ලංකාවටම අද විශේෂ දිනයක්



ශ්‍රී ලංකාවාසී සියලුදෙනාටම අද (18) දිනය විශේෂ දිනයක් බවට පත්වී තිබෙනවා.

ඒ මෙරට දශක 3කට අධික කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 16ක් සපිරීම හේතුවෙන්.

2009 වසරේ මැයි 18වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් වුණා.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවයද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වනවා.

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් 'ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය' හෙට (19) පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)