colombotimes.lk
සිංහල | English

01 July 2024

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්



විදුලි බල මණ්ඩලය මඟින් සිදු කරන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම සහ ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එය ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සඳහා ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)