දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම - දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතීරුවේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.
ඒ එම මංතීරුවේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන්.
දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගැලනිගම දොඩංගොඩ අතර කිලෝමීටර් 17 සහ 19, 28 සහ 30 යන කොටස් දෙකෙහි මාතර දෙසට දිවෙන මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සිදු කරන බව පොලීසිය සඳහන් කළා.
පොලීසිය කියා සිටියේ මෙම කොටස් දෙක අතර රථවාහන ධාවනය කොළඹ දෙසට ඇති මංතීරු 02ක දෙපසට ගමන් කළ හැකි පරිදි බෙදා රථවාහන ධාවනයට කටයුතු සලසා ඇති බවයි.
(colombotimes.lk)
