උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මාර්ගය භාවිතා කරන මහජනතාවගේ දැඩි ඉල්ලීම මත සති අන්තයේ පමණක් ධාවනය කරන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට (07) සිට දිනපතා ගල්කිස්ස සහ කන්කසන්තුරය අතර ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම මීට සමගාමීව දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 05.45ට කන්කසන්තුරය දක්වා ධාවනය කරන ලද යාල්දේවි දුම්රිය හෙට (07) සිට කොළඹ කොටුවෙන් පිටත්වන වේලාවද සංශෝධනය කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය කළ බවයි.
මේ අනුව මාසයකට පෙර දුම්රිය ආසන වෙන් කර ගත් මගීන් හට යාල්දේවි දුම්රිය පිටත්වන නව වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය විය යුතු බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඒ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)