colombotimes.lk
සිංහල | English

08 September 2024


ඉතාලියේ කැප්රි දූපත් වෙත පනවා තිබූ සංචාරක තහනම ඉවතට



ඉතාලියේ කැප්රි දූපත් වෙත සංචාරකයින්ට පැමිණීම අත්හිටුවමින් පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

ඒ, ජලය සම්බන්ධයෙන් හටගත් ගැටලුකාරී වාතාවරණය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ප්‍රධාන නගරයකින් ජලය ලබා ගැනීම සඳහා එල්ල වී තිබූ තාක්ෂණික ගැටලුව නිරාකරණය කිරීමෙන් පසුව අදාළ තහනම ඉවත් කළ බව කැප්රි හි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබෙනවා.

දිනපතා කැප්රි වෙත සංචාරකයින් දහස් ගණනක් පැමිණෙන බවයි වාර්තා වන්නේ.

අදාළ ගැටලුව හේතුවෙන් සංචාරකයින් රැසක් අර්බුදයට පත්ව සිටි අතර ඔවුන්ගෙන් සමාව අයැදීමට ද බලධාරීන් කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)