06 March 2025


ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි මිතුරු වෙයි



ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ශක්තිමත් නායකත්වය යටතේ කටයුතු කිරීමට සූදානම් බව යුක්රේන ජනපති  Volodymyr Zelensky පවසනවා.

ඔහු කියා සිටියේ කල්පවත්නා සාමයක් ළඟා කර ගැනීමට තමා සූදානම් බවයි.

පසුගිය සිකුරාදා ධවල මන්දිරයේදී තමන් සහ ඇමරිකානු  ජනාධිපතිවරයා අතර ඇති වූ තත්ත්වය කණගාටුදායක බවද ඔහු ප්‍රකාශ කළා.

වාග් ප්‍රහාර හමුවේ අවලංගු කළ ඛනිජ ලවණ සම්බන්ධ ගිවිසුමට අත්සන් තැබීමටද තමන් කැමති බව යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යුද්ධය අවසන් කිරීමේ පළමු අදියර ලෙස සිරකරුවන් හුවමාරුවක්, ගුවන් සහ මුහුදු ප්‍රහාර නැවත්වීම සිදු කළ හැකි බවයි.

ඇමරිකාව යුක්රේනයට ලබාදෙන යුධ ආධාර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)