24 May 2026

logo

ට්‍රම්ප් චීන සංචාරය අරඹන දිනය දැනුම්දෙයි



මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාර්තු 31වනදා සිට අප්‍රේල් 02වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කළ චීන සංචාරය සති කිහිපයකින් ප්‍රමාද කිරීමට පසුගියදා තීරණය කළා. 

ධවල මන්දිර මාධ්‍ය ලේකම් Caroline Leavitt සඳහන් කළේ එම සංචාරය මැයි මස 14වනදා සහ 15වනදා යන දිනවලදී සිදු කිරීමට නියමිත බවයි. 

ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් මෙම වසර අගදී වොෂින්ටන් ඩී.සී. හී පැවැත්වෙන සංචාරයක් අතරතුර ෂී ජින්පින්ට සත්කාරකත්වය දැක්වීමට ද බලාපොරොත්තු වන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)