මොළයේ පිළිකාවකට ගොදුරු වූ 13 හැවිරිදි දරුවෙක්ගේ පොලිස් නිලධාරියෙක්වීමේ සිහිනය සැබෑ කරදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිළිකා රෝගී දරුවාගේ සිහිනය සැබෑ කරමින් ඔහු ඇමරිකාවේ බුද්ධි සේවාවේ ගෞරවනීය නියෝජිතයෙක් ලෙස පත් කළ බවයි.
සිය පියා සමඟ එම අවස්ථාවට සහභාගී වූ දරුවා ජනාධිපතිවරයාගේ නිවේදනයත් සමඟ අසුනෙන් නැඟී සිටිමින් සිය ස්තූතිය පුද කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ මොහොතේ ඔහු පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි බවයි.
(colombotimes.lk)