13 June 2026

logo

යුද්ධය අවසන් කිරීමේ දිනය නෙතන්යාහු සමඟ සාකච්ඡාවෙන් පසු ගන්නා බව ට්‍රම්ප් කියයි



මේ වන විට ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කරන වේලාව තීරණය කරන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟින් සාකච්ඡා කර ගනු ලබන 'අන්‍යෝන්‍ය' තීරණයකට අනුව බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ 'ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්' පුවත්පත සමඟ පැවති දුරකථන සම්මුඛ සාකච්ඡාවකදීයි.

එමෙන්ම තමන් අග්‍රාමාත්‍ය නෙතන්යාහු සමඟ නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බවත් යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වන අවසාන තීරණය 'නිවැරදි වේලාවේදී' ගනු ලබන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)