බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය බලු මැක්කන් හේතුවෙන් අද (28) සහ හෙට (29) දෙදින වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
එම පාසලේ විදුහල්පතිනි තමරා කුමාරි මහත්මිය පැවසූවේ, බලු මැක්කන් සහ ඇසට නොපෙනන තරම් කුඩා වැලි මැක්කන් විදුහල් භූමිය පුරාම සිටින බවයි.
මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කළ බව සඳහන්.
ඒ අනුව ඊට අදාළ බෙහෙත් වර්ග කිහිපයක් යොදා මේ වනවිට මැක්කන් මර්දනය කර ඇති බවත් විදුහල්පතිනිය වැඩිදුරටත් සඳහන් කළා.
මෙසේ දින 2ක් පාසල වසා දැමීමට තීරණය කර ඇත්තේ, පාසල් භූමියට බෙහෙත් යොදා තිබීම නිසා දරුවන්ගේ ආරක්ෂාවට අදාළව වෛද්‍ය උපදෙස් අනුවයි.
(Colombotimes.lk)