10 February 2025


ඉන්දියානු නාවික හමුදා නෞකා දෙකක් දිවයිනට



ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ඛාන්ජාර්’ නෞකාව සහ දේශීයව නිපදවන ලද යුද නෞකාවක් ත්‍රිකුණාමලයට තෙදින සංචාරයක් සඳහා සේන්දු වී තිබෙනවා. 

මෙම සංචාරයේදී බර අවි සහ මිසයිල මෙහෙයුම් පිළිබඳ දැනුම විවිධ වෘත්තීන්වලට අයත් පුද්ගලයන් සමඟ බෙදාගැනීමට නියමිත බව සඳහන්. 
 
ත්‍රිකුණාමලයෙන් ඔබ්බට මුහුදුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සමඟ සමුද්‍රීය හවුල්කාරිත්ව අභ්‍යාසයක් සඳහා ද හෙට මෙම නෞකාවේ නිලධාරීන් සහභාගි වීමට නියමිතයි. 
 
ඉන්දීය නාවික හමුදාව සහ එහි හැකියාවන් පිළිබඳව ශ්‍රී ලාංකකියන් දැනුවත් කිරීම, සම්බන්ධ කිරීම සහ හුරුපුරුදු කිරීම සඳහා නෞකාව නැරඹීමේ අවස්ථාව පාසල් සිසුන්ට හිමිවනවා.
(colombotimes.lk)