යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
එම ගැටුමෙන් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවන වසරේ හා සිව්වන වසරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව මෙම සිසුන් අතර ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)