11 February 2025


විදුලි ජනක යන්ත්‍රයක දුම ආග්‍රහණයවීමෙන් පුද්ගලයන් 04ක් රෝහලට



විදුලි ජනක යන්ත්‍රයක දුම ආග්‍රහණයවීමෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ඊයේ (09) බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

බගවන්තලාව ප්‍රදේශයට ඊයේ (09) දහවල් සිට විදුලි බලය ඇණහිටීම නිසා නගරයේ සිල්ලර වෙළදසැලක විදුලි බලය ලබා ගැනීමට විදුලි ජනක යන්ත්‍රයක් වෙළදසැල තුළ ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එම අවස්ථාවේදී වෙළදසැලේ සේවකයන් සිව්දෙනෙකක්ට ශ්වසන අපහසුතා ඇති වීම නිසා ඔවුන්ව රෝහල් ගත කර තිබෙනවා.

රෝහල් ගත කළ සේවකයන් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් සිටින බවත් ඔවුන් අවුරුදු 25-35 යන වයස් කාණ්ඩවල පසුවන අය බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)