11 February 2025


කුරුණෑගල මාරක බස් අනතුරට සම්බන්ධ රියදුරෙක් අත්අඩංගුවට



කුරුණෑගල තෝරයායේ අද (10) අලුයම සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පළා යමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

මාදුරුඔය සිට කොළඹ දක්වා සහ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් ඇති අතර 20 දෙනෙක්ට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

කුරුණෑගල රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඉන් 04කගේ තත්ත්වය බරපතල බවයි.

කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය කළ බස් රථය තෝරයායේ නතර කර තිබියදී මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය එහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා.

(colombotimes.lk)