LPL 2024 GM Vs JK | Galle Marvels කණ්ඩායමට තියුණු ජයක් - දික්වැල්ලත් ලකුණු අතරට



LPL තරගාවලියේ Jaffna Kings කණ්ඩායමට එරෙහිව අද (02) පැවති තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට Galle Marvels
කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කර ගත්තා.

එහිදී Avishka Fernando ලකුණු 59ක් සහ Pathum Nissanka ලකුණු 51ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් තරගය ජයගත්තා.

එහිදී Alex Hales ලකුණු 65ක් සහ Niroshan Dickwella ලකුණු 47ක් රැස් කළා.

(colombotimes.lk)