රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්



මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආඥාවක් නිකුත් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (02) දැනුම් දී තිබෙනවා.

ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතලවලට අනුවයි.
(colombotimes.lk)