LPL 2024 - GM Vs JK | Galle Marvels කණ්ඩායමට 178ක ඉලක්කයක්



LPL තරගාවලියේ Galle Marvels කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර තරගය මේ වන විට පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kings කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කර ගත්තා.

එහිදී Avishka Fe ando ලකුණු 59ක් සහ Pathum Nissanka ලකුණු 51ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා Galle Marvels කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 178ක්.

(colombotimes.lk)