01 July 2025

logo

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් දෙදෙනෙක් මෙවර මහ මැතිවරණයට



විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට සර්වජන බලය සංවිධානය විසින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් දෙදෙනෙක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බුද්ධික ඒකනායක සහ හෂිනි නිමාෂා චන්ද්‍රසිරියි.

පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ 'එඩිතර පක්ෂයක් වෙනුවෙන් ශ්‍රී ලාංකේය ආබාධ සහිත ජනතාවගේ ශක්තිය' යන තේමාව යටතේ මෙම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත්කිරීම සර්වජන බලය සංවිධානයේ අරමුණ වූ බවයි.

(colombotimes.lk)