මාතර, දෙවුන්දර, සිංහාසන පාරේදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරුවන් නීතිඥවරුන් සමඟ ඊයේ ගන්දර පොලිස් ස්ථානයට ඉදිරිපත්වීමෙන් පසු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26 සහ 35 යන වයස්වල පසුවන ගන්දර හා දෙවිනුවර පදිංචිකරුවන් දෙදෙනෙක්.
පසුගිය 21වනදා දෙවුන්දර, සිංහාසන පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් තරුණයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.
(colombotimes.lk)