colombotimes.lk
සිංහල | English

20 May 2024

ඇමරිකානු ඩොලරයට අද සිදු වූ දේ



ඊයේ (26) දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගයෙහි අද දිනයේ සුළු පහත වැටීමක් වාර්තා වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුවයි.

ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 306.06ක් ලෙස වාර්තා වී තිබුණා.

එය ඊයේ දිනයේ සටහන් වුණේ රුපියල් 306.08ක් ලෙසයි.

එමෙන්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 315.72ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය රුපියල් 315.85ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)