11 May 2025


ඩොනල්ඩ් ට්‍රම්ප්, ලිංගික අතවර වරදකරුවෙකු වෙයි



ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවට අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබෙනවා. 

ඒ ජීන් කැරොල් නම් මාධ්‍යවේදිනිය විසින් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබූ සිවිල් නඩුවකදීයි. 
 
1990 වර්ෂයේදී ඇඟලුම් වෙළෙඳසැලක් තුළ පැළඳුම් කාමරයක් තුළදී ට්‍රම්ප් විසින් ඇයට ලිංගික හිරිහැර සිදුකර ඇති බවයි ඇය චෝදනා කර ඇත්තේ. 
 
ඒ අනුව අදාළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු කළ අදාළ ජූරි සභාව එම මාධ්‍යවේදිනියට අමෙරිකානු ඩොලර් මිලියන 05ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ද ඩොනල්ට් ට්‍රම්ප්ට නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)