යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy ඇමරිකානු ජනාධිපති Donald Trump හමුවීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එළඹෙන සිකුරාදා වොෂිංටන්හිදී මෙම හමුව සිදුවීමට නියමිත බවයි.
එහිදී දෙරට අතර ඛනිජ සම්පත් බෙදාගැනීම පිළිබඳව ගිවිසුමකටද එළඹීමට නියමිතව තිබෙනවා.
රුසියාවෙන් සිය රටට එල්ල වන ආක්‍රමණ සම්බන්ධයෙන් සහතිකයක් ලබාදෙන ලෙසට යුක්රේන ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපතිවරගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ එවන් සහතිකයක් ඇමරිකාවට ලබාදිය නොහැකි අතර එහි වගකීම යුරෝපය දැරිය යුතු බවයි.
(colombotimes.lk)