colombotimes.lk
සිංහල | English

25 April 2024

ලොව පැරණිම හාදුවට වසර 4,500ක් වෙයි



ආදරය කරන දෙන්නෙක් සිප ගැනීම හරි සාමාන්‍ය දෙයක්. මොකද එයාලගේ ආදරේ ප්‍රකාශ කරන එක ක්‍රමයක් විදියටත් සිපගැනීම හඳුන්වන්න පුළුවන්.

ඔබ නිකමට හෝ සිතා තිබෙනවාද සිප ගැනීම ආරම්භ වූ හැටි ගැන.

මේ ගැන විශේෂ හෙළිදරව්වක් මේ වන විට පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකර තිබෙනවා.

Ancient Mesopotamia is the name for the early human cultures that existed between the Euphrates and Tigris rivers in present-day Iraq and Syria

ඒ අනුව ඔවුන් පවසන්නේ ප්‍රංශ සිපගැනීම එහෙමත් නැත්නම් French Kissing ආරම්භ වන්නට ඇත්තේ මීට වසර 4500කට පෙර මැද පෙරදිගදී බවයි.

මින් පෙර වාර්තා වූ කරුණු අනුව සාක්ෂි ලැබී තිබුනේ එය මීට වසර 1,000කට පෙර ආරම්භ වන්නට ඇති බවයි.

නමුත් එම සාක්ෂි වලට වඩා පැරණි සාක්ෂියක් මේ වනවිට හමුවී තිබෙනවා.

ඒ අනුව සොයාගෙන ඇත්තේ පැරණි මෙසපොතේමියාවේ එහෙමත් නැත්නම් ඉරාකය සහ සිරියාවේ මැටි පුවරු වල සිපගැනීමේ සිතුවම් අඹා ඇති බවයි.

Humanity

එය ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර සහයෝගීතාවය පෙන්වීම සඳහා යොදාගෙන ඇති බව ද පරීක්ෂකයින් සඳහන් කළා.

(Vimarshana Samarakoon @ COLOMBO TIMES) 

Scientists said they have found literary evidence that kissing was practised in the earliest Mesopotamian societies and may even have contributed to the spread of cold sores