ටී 56 පතරොම් 54ක් හා එම මැගසිනයත් සමඟ විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක්ගේ සමීපතමයෙක් අද (06) කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කෙහෙල්බද්දර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී මෙම පතරොම් 54 හා මැගසිනය විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක්ගේ සමීපතමයෙක්ට අයත් බවට අනාවරණය වූ බවයි.
(colombotimes.lk)
