එක්සත් රාජධානියේ මැතිවරණය අද



බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අද (04) ආරම්භ වනවා.

එහිදී සංක්‍රමණික ඡන්දදායකයන්ටත් ඡන්දය ප්‍රකාශ කළ හැකි වීම විශේෂත්වයක්.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සරණාගතයන් සහ සංක්‍රමණිකයන්, ප්‍රධාන වශයෙන් නයිජීරියාව, ඉන්දියාව සහ මැලේසියාව වැනි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පැරණි ප්‍රදේශ, බ්‍රිතාන්‍ය මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

මෙහිදී වසර 14ක් බලයේ සිටින අගමැති රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය වෙනුවට විපක්ෂයේ කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනු ඇති බවයි බොහෝ දෙනා අපේක්ෂා කරනු ලබන්නේ.
(colombotimes.lk)