සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාව ආශ්‍රිත පාසල් රැසකට අද සිට 25වනදා දක්වා නිවාඩු දී තිබෙනවා.
මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ දළදා වන්දනාව සඳහා දැනට වෙන්කර තිබෙන දින ගණන කිසියම් අයුරකින් දීර්ඝ කළහොත් එම පාසල් තවදුරටත් වසා තැබෙන බවයි.
මහනුවර ආරක්ෂාවට යොදවා ඇති පොලීසියේ හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නවාතැන් දීම සඳහා එම පාසල් වෙන්කර තිබෙනවා.
එමෙන්ම ඊට අමතරව දළදා වන්දනාවේ පැමිණෙන ආබාධිත හා වැඩිහිටි පුද්ගලයන්ට අවශ්‍යතාව මත නවාතැන් ලබාදීම සඳහා ද එම පාසල් යොදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)