14 June 2025


2023 උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන අධ්‍යාපන ඇමති කියූ දේ



2023 අ.පො.ස උසස් පෙළ විභාග කල්දැමිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. 

අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, 2024 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සහ විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට කල්දැමීම බලපානු ඇති බවයි. 
 
2023 අ.පො.ස උසස් පෙළ විභාග නියමිත පරිදි නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා යළි අවධාරණය කළා. 
 
උසස් පෙළ විභාග කල් දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, සරත් වීරසේකර ඇතුළු ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළා. 
 
විභාග කල් දමන ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ විභාග සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් නැවත විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ට අසාධාරණයක් වන බවයි.
(colombotimes.lk)