24 October 2025

logo

වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක්



වෑන් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ (23) සවස අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ මඩකලපුව - පොළොන්නරුව මාර්ගයේ වාලච්චේන, වාහනේරි ප්‍රදේශයේදීයි. 

එම අනතුරෙන් වෑන් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයන් 8දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 

ඔවුන් වාලච්චේන රෝහලට ඇතුළත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී වයස අවුරුදු 74ක් වූ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මියගොස් තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ මෙම වෑන් රථය එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ බවුසර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයේ ගැටී අනතුර සිදුවී ඇති බවයි. 

(colombotimes.lk)